කෙරවලපිටිය එල් එන් ජී ගිවිසුම අත්සන් කර ඇත්තේ නිව් ෆෝට්‍රස් සමාගම සමග නොව වෙනත් සමාගමක් සමග බව ජනතා විමුක්ති පෙරමුණ අද පාර්ලිමේන්තුවේදි අනාවරණය කළා.
පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියේ අදාල ගිවිසුම සභාගත කරමින්.
කැබිනට් මණ්ඩලයෙන් දුන් අවසරය නොතකා වෙනත් සමාගමක් සමග ගිිවිසුමක් අත්සන් කලේ කුමන පදනමකින්දැයි මන්ත්‍රීවරයා ආණ්ඩුවෙන් ප්‍රශ්ණ කළා.