වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු මෙහෙයුම් වලින් ඉවත් වී අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිඛෙනවා.
සිය සංගමයේ උප සභාපතිවරයාගේ වැඩ තහනම් කිරීමට පාලනාධිකාරිය විසින් ගෙන ඇති අත්තනෝමතික තීරණයට විරෝධය පළ කරමිනුයි ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ.
නිව්ස් රේඩියෝ කල විමසීමකදී සංගමය අවධාරණය කලේ මෙම තීරණය අවලංගු කිරීමට බළධාරීන් පියවර ගන්නා තෙක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.
දුම්රිය බළධාරීන්ගේ ඇතැම් ක්‍රියාවන්ට විරෝධය පළ කරමින් ඔවුන් විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පැය කිහිපයක්ද වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වුණා.