දින ගණනාවක් තිස්සේ යළිත් ලිට්රෝ ගෑස් හිඟයක් පවතින බව හැටන් නගරයේ පාරිභෝගිකයින් පවසයි.
අප වාර්තාකරු සඳහන් කළේ, හැටන් නගරයේ පිහිටි ලිට්රෝ ගැස් අලෙවි නියෝජිතයින්ට ලිට්රෝ සමාගම විසින් දැනට මාසයක පමණ කාලයක සිට සීමිත ගැස් සිලින්ඩර් ප්රමාණයක් පමණක් ලබාදීම නිසා මෙම ගැස් හිඟය මතුවී ඇති බවය.
අද (26) දින ලිට්රෝ සමාගම විසින් අලෙවි නියෝජිතයින්ට ගැස් තොග බෙදාහරින බවට ලද තොරතුරක් මත පාරිභෝගිකයන් ගෘහස්ථ ගැස් සිලින්ඩර රැගෙන මෙලෙස අලෙවිසැල් වෙත පැමිණ තිබුණි.
