අධ්‍යාපන අමාත්‍යාංශයේ 2018 වසරේ දී සිදුවූ බව කියන දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් කරනු ලැබූ පැමිණීලි 04ක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසයි.
අල්ලස් කොමිසම මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ විජයදාස රාජපක්ෂ මහතා ඉකුත් 2018 වර්ෂයේදී ඉදිරිපත් කරන ලද පැමිණීලි 04 සම්බන්ධයෙන් බවත් අදාළ පැමිණීලිවලට අදාළව ඒ මහතාගෙන් 2019 වර්ෂයේදී ප්‍රකාශ සටහන් කරගත් බවත් එම කොමිසම පැවසීය.
මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලට අයත්ව තිබූ ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ සියලු වත්කම් මහපොළ භාරකාර අරමුදල් මණ්ඩලයේ අනුමැතියකින් තොරව 2015 වර්ෂයේදී ගිවිසුමක් මගින් පවරා රුපියල් මිලියන 23000ක් හානි කිරීම මෙම පැමිණීලිවල පළමු පැමිණීල්ලයි.
වර්ෂ 2018 දී නිළ ඇදුම් වෙනුවට වවුචර්පත් දීම මගින් වැඩිපුර රුපියල් මිලියන 538.5ක් වැය කිරීම, සුරක්ෂා රක්ෂණය ආරම්භ කර ප්‍රතිරක්ෂණය කිරීම ඇතුලු දූෂණ ක්‍රියා හේතුවෙන් රුපියල් මිලියන 2300ක් වැයකර රජයට පාඩු කිරීම සහ 2018 වර්ෂයේ පෙළ පොත් මුද්‍රණයේදී අමාත්‍යවරයාගේ ඡායාරූප සහිත පණීවිඩය එකතු කිරීමෙන් රජයට රුපියල් මිලියන 29ක් පාඩු කිරීම අනෙක් පැමිණීලි අතර වෙන බව ද කොමිසම සදහන් කරයි.
