2023 ඉදිරි යල කන්නයේ වී වගාව හා බඩඉරිගු වගාව සඳහා අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනීමට රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.
මේ වනවිටත් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම්වලට අයත් ගබඩා සතුව යුරියා පොහොර මෙට්ට්‍රික් ටොන් 30,000ක් පවතින බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළේ. ඊට අමතරව තවත් මෙටි්‍රක් ටොන් 25,000ක් මිල දී ගැනීමට සැලසුම් කර තිබෙනවා. එම යුරියා පොහොර තොගවලට අමතරව තවත් යුරියා මෙට්ට්‍රික් ටොන් 25,000ක් මිල දී ගැනීම සඳහායි රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කිරීමට තීරණය කර ඇත්තේ.
යුරියා පොහොර මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක සංචිතයක් පවත්වා ගැනීම මගින් යල කන්නයේ වී වගාව, බඩඉරිගු වගාව මෙන්ම අනිකුත් බෝග වගාවන් සදහා අවශ්‍ය යුරියා පොහොර ලබා දීම මෙහි අරමුණ බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවේ.
2023 යල කන්නයේ දී වී වගාවට අත්‍යවශ්‍ය මඩ පොහොර, බන්ඩි පොහොර සහ යුරියා පොහොර හිඟයකින් තොරව ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව මූලික පොහොර හෙවත් මඬ පොහොර යල කන්නය ආරම්භයේ දීම සියලු වී ගොවීන්ට වගාවට අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණයම නොමිලයේ ලබා දීමට කටයුතු යොදා ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවේ. මඬ පොහොර මෙට්ට්‍රික් ටොන් 36,000ක් රැගත් නෞකාව මෙම මස මැද දී කොළඹ වරායට ලඟාවීමට නියමිතයි.
