ලොව පුරා කොරෝනා ව්‍යාප්තිය යම් මට්ටමකට පාලනය වී ඇති නමුත් කොවිඩ් නව ප්‍රභේද ඇතිවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
ඒ හේතුවෙන් වඩාත් සැළකිලිමත්ව කටයුතු කිරීම ඉතා වැදගත් බවයි නියෝජ්‍ය අධ්‍යක්ෂජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සදහන් කලේ.
අද පස්වරුවේ මාධ්‍යයට අදහස් දක්වමිනුයි හේමන්ත හේරත් මහතා මෙම අදහස් පලකළේ.