ජාත්‍යන්තර මූළ්‍ය අරමුදලෙහි සහය නොගන්නැයි පවසන දේශපාලඥයින් ආර්ථික අර්බුදය විසදාලීම සදහා ඉදිරිපත් කරන යෝජනා කවරේදැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධණ මහතා ප්‍රශ්ණ කරනවා.
සාධනීය යෝජනාවක් ඉදිරිපත් වුවහොත් එය සලකා බැලීමට සූදානම් බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළේ.
දේශපාලන වෙනසක් රටේ සිදුව ඇති බැවින් විදෙස්ගත ශ්‍රමිකයන් එවන ප්‍රේෂණ ප්‍රමාණය ඉහල ගොස් ඇතිදැයි මාධ්‍යවේදින් මෙහිදි විමසීමක් කළා.
මේ ඊට ප්‍රතිචාර දැක්වු අමාත්‍යවරයා .
රුසියාවෙන් අඩු මිළට තෙල් ලබා ගැනීම සම්බන්ධයෙන් පවතින තත්වය පිළිබදවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් මාධ්‍යවේදින් ප්‍රශ්ණ කළා.