සහල් සදහා ලබා දී ඇති නිදහස මහා පරිමාණ සහල් මෝල් හිමියන් විසින් අනිසි ලෙස භාවිත කලහොත් ඒ සදහා රජය සෘජුව මැදිහත් වන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.
මහාපරිමාණ මෝල් හිමියන් විසින් ප්‍රකාශ කර ඇති මිළ ගණන් ඉතා අසාධාරණ බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
සහල් පාලන මිළ ගැසට් නිවේදනය අහෝසි කිරීමත් සමග ඉදිරියේදී වෙළදපොලේ විකි”මට ඇති සහල් වර්ග වල සිල්ලර මිළ ගණන් මහාපරිමාණ මෝල් හිමියන් විසින් ඊයේ පස්වරුවේ ප්‍රකාශයට පත් කලා.
අනතුරුව මාධ්‍ය හමුවක් කැඳවමිනුයි ලසන්ත අලගියවන්න මහතා මේ බව කියා සිටියේ.