රට වසා දැමීමේ අවශ්‍යතාවක් ඇති වුවහොත් අදාළ අංශ ඒ සදහා ක්‍රියාමාර්ගයක් ගනු ඇති බව කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.
ගම්පහදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරිය කියා සිටියේ පසුගිය සතියට සාපේක්ෂව මෙම සතියේ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම සියයට 30 කින්ද කොවිඩ් මරණ සියයට 48 දශම 8 කින්ද වැඩි වී ඇති බවයි.
සෙනග ගැවසෙන ස්ථානවලට යාම හැකිතාක් අවම කරන ලෙසද සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙහිදී ජනතාවගෙන් ඉල්ලීමක් කළා.