මේ වසර තුළ ජනවාර්ගික අර්බුදයට විසඳුම් සෙවිම සඳහා සියලු පාර්ශවෙවල එකඟතාව ලබාගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියට සූම් තාක්ෂණය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ සියලුදෙනාට පිළිගත හැකි විසඳුමකට එළඹීමට අපේක්ෂා කරන බවය.
තමා රට භාරගත්තේ බිඳවැටුණු ආර්ථිකය ගොඩනැගීමට හැකි බවට වන විශ්වාසය මත බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
දේශපාලන ස්ථාවරත්වය ද මේ වන විට ගොඩනඟා ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට සහාය දැක්වූ සියලුදෙනාට ස්තූතිය පළකරන බව ද සඳහන් කළේය.