මේ දිනවල සිදුවන විදුලි කප්පාදුව හේතුවෙන් වෙළදසැල් තුල ශීතකරණ වල ගබඩා කර ඇති ආහාර ද්‍රව්‍ය වල ගුණාත්මකභාවයේ වෙනසක් සිදු විය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය ජනතාවට දැනුම් දෙනවා.
ශීත ආහාර වල පැහැයේ / ගන්ධයේ සහ පෙනුමේ වෙනසක් ඇත්නම් එම ආහාර මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු වෙමින් පවතින බැවින් එවැනි ආහාර විකිණීමෙන් / මිළදී ගැනීමෙන් වළකින ලෙස ඔවුන් ජනතාවට දැනුම්දෙනවා.
එලෙස මිනිස් පරිභෝජනයට නුසුදුසු මට්ටමේ මස් හා කිරි ආශ්‍රික ආහාර වික-ිණූ වෙළදසැල් 387 කට එරෙහිව නඩු පැවරු බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සදහන් කලේ.
