පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු දේශපාලන පක්ෂ නියෝජිතයන් එක් ස්ථානයකට කැදවා සාකච්ඡා කර කැබිනට් මණ්ඩලයක් පිහිටුවීමට අග්‍රාමාත්‍යවරයා කටයුතු කරන්නේ නම් ඊට යම් ජනතා විශ්වාසයක් හිමිවනු ඇතැයි සමගි ජන බලවේගය පෙන්වා දෙනවා.
ඒ හැර අග්‍රාමාත්‍යවරයා විසින් එක් එක් මන්ත්‍රීවරයාට ලිපි යොමුකර සහය ඉල්ලීමෙන් ගැටළුවට විසදුම් හිමි නොවන බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කියා සිටියේ.
වත්මන් ආණ්ඩුව යටතේ රාජපක්ෂවරුන් මුළුමණින්ම සුරක්ෂිත වී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා මෙහිදී පෙන්වා දුන්නේ.