මෙවර කැරබියන් ප්‍රිමියර් ලීග් ශූරතාවය දිනා ගැනීමට ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායම සමත් වුණා.
ඒ ඊයේ පැවති අවසන් මහා තරගයේදිශාන්ත ලුසියා කිංග්ස් කණ්ඩායම කඩුලු 3 කින් පරාජයට පත් කරමින්.
ශාන්ත කිට්ස් හී වෝනර් පාර්ක් ක්‍රීඩාංගනයේදි තරගය පැවැත්වුනේ.
ලුසියා කින්ග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 7 ක් දැවී ලකුණු 159 ක් රැස් කළ අතර ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 7 ක් දැවී ලකුණු 160 ක් ලබා ගනිමින් තරගය ජය ගත්තා .
නොදැවී ලකුණු 48 ක් රැස් කල ඩොමිනික් ඩ්‍රේක්ස් ලකුණු 48 ක් රැස් කළ අතර ඔහු තරගයේ වීරයාට හිමි සම්මානය දිනා ගත්තා. තරගාවලියේ වීරයා රොස්ටන් චේස්…