පළාත් පාලන ආයතන නියෝජිතයින්ට රුපියල් ලක්ෂ 30 බැගින් හා එක් එක් ග්‍රාම නිළධාරි වසම් සදහා රුපියල් ලක්ෂ 40 ක් බැගින් මෙවර අයවැයෙන් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා ඊයේ පස්වරුවේ මාවනැල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් කියා සිටියේ කොරෝනා වසංගතය හමුවේ නැවතී ඇති ග්‍රාමීය සංවර්ධන කටයුතු ලබන වසරේ සිට නැවත ආරම්භ කිරිමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවයි.
මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලක්ෂ 100 ක් බැගින් සංවර්ධනය සදහා මෙවර අය වැයෙන් මුදල් ලබා දීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තිරණය කර ඇතැයිද කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
ගත වු වසර එකහමාරක කාලය තුල කොරෝනා වසංගතයෙන් ජනතාව මුදා ගැනීමට ප්‍රමුඛත්වය ලබා දුන් නිසා ලබන වසරේ ජනවාරි මාසයේ සිට ග්‍රාමීය සංවර්ධනයට පලාත් පාලන ආයතනවල නියෝජිතයින්ට ශක්තිය ලබා දීමටරජය තීරණය කර ඇතැයිද මහින්දානන්ද අලූත්ගමගේ මහතා අවධාරණය කළා.