මෙරට වයස අවුරුදු 10 ට අඩු ළමුන් 19 දහස් 688 කට මේ වනවිට කොවිඩ් වෛරසය වැළඳී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේදී සඳහන් කලා.
එමෙන්ම වයස අවුරුදු 10 ත් 18 ත් අතර 26 දහස් 143 කට කොවිඩ් වැළඳී ඇති බවයි අමාත්‍යවරිය කියාසිටියේ.
ළමුන්ට ෆයිසර් එන්නත ලබාදීමට ඇති හැකියාවද මේ වනවිට විමසා බැලෙමින් ඇති බව අමාත්‍යංශ ප්‍රකාශයක් කරමින් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කලා.
