මෙරට කොරෝනා මර්ධන එන්නත්කරණ වැඩසටහන යටතේ තවත් පුද්ගලයින් එක්ලක්ෂ 17 දහස් හයසිය 905 දෙනෙක්ට ඊයේ කොවිඩ් එන්නත් ලබාදි තිබෙනවා.
ඒ කොවිෂිල්ඩ් පළමු මාත්‍රාව 2204 ක් එහි දෙවැන්න 409ක් / සයිනොෆාම් පළමු මාත්‍රාව 27 දහස් 016 ක් / එහි දෙවැන්න 83 දහස් 518 ක් / ෆයිසර් පලමුවැන්න 61 ක් හා එහි දෙවැන්න 4697 ක් වශයෙන්.
සමස්ථයක් ලෙස මෙරට පුද්ගලයින්ගෙන් 46 ලක්ෂ 16 දහස් 266 දෙනෙක් මේ වනවිට කොව්ඩ් මර්ධන එන්නත් දෙකම ලබාගනිමින් සම්පූර්ණ එන්නත්කරණයට ලක්වී ඇති බවයි එන්නත්කරණ වාර්තා වල දැක්වෙන්නේ.