මෙරට දුම්රිය සේවය සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආර්ථික අංශ ප්‍රධානී සූසන් එෆ්. වෝක් මහත්මිය සහ ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා අතර විශේෂ හමුවක් පවත්වා තිබෙනවා.
ඒ අද පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍යාංශයේදීයි. මගී හා භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයට බලපාන කරුණු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජා වී ඇති බවයි වාර්තා වන්නේ.
අමරිකා එක්සත් ජනපදයේ ප්‍රධානතම ව්‍යාපාර ඇතුලත් ෆෝචූන් 500 දර්ශකයට අයත් සමාගම් වල සහාය ලබාගෙන ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයේ ගුණාත්මක භාවය ඉහල නැංවීම සදහා දිය හැකි සහාය පිලිබදව වෝක් මහත්මියගේ විශේෂ අවධානයද මෙහිදී යොමු වී තිබෙනවා.