ඉදිරියට මෙරට තුළ ඩීසල් හා ගල් අගුරු විදුලි බලාගාර ඉදි කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබා නොදීමට ජනාධිපතිවරයා විසින් තීරණය කර ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරනවා.
එය අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා විසින් දැනුම් දී ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේ ඊයේ වළවේ ගග සහ කිරිඳි ඔය ආශ්‍රිතව ගං ඉවුරුවල සුරකිමු ගංගා යටතේ ක්‍රියාත්මක වැඩපිළිවෙළ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි.
මෙම වැඩපිළිවෙල සඳහා රජය විසින් 2021 වසර සඳහා වෙන් කර ඇති රුපියල් මිලියන 200ක්.
මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙරට ගංගා 103 ආශ්‍රිතව සිදු කළ සමීක්ෂණයක් පරිදි අප රටේ ගංගා පද්ධතිය ආශ්‍රිතව ජීවත් වන ඇතැම් අඩු ආදායම්ලාභී පවුල්වලට නිසි පරිදි වැසිකිළි පහසුකම් නොමැති වීම නිසා ඔවුන් මළ අපද්‍රව්‍ය මෙම ගංගාවලට බැහැර කරන බව පෙනී ගොස් ඇති බව සදහන්.
එම නිසා වැසිකිළි පහසුකම් සකසා ගැනීම සඳහා 2021 වසරට රුපියල් මිලියන 19 ක මුදලක් කැළණි / මැණික් හා වළවේ ගංගා ආශ්‍රිතව ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් සඳහා ලබා දීමට වෙන් කර තිබෙනවා.
මීට අමතරව 2030 වන විට අප රටේ විදුලි උත්පාදනයෙන් සියයට 70 ක් පුනර්ජණනීය බලශක්තිය මගින් ලබා ගැනීමට සැලසුම් කර ඇති බව පරිසර අමාත්‍යංශය සදහන් කළා.