මෙරටින් වාර්තාවන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 05 ලක්ෂ 71 දහස් 426 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ ඊයේ දිනයේදී තවත් ආසාදිතයින් 754 ක් වාර්තාවීමත් සමගයි.
තවත් කොවිඩ් මරණ 18 ක් පෙරේදා දිනයේදී වාර්තා වුණා.
ඒ අනුව ශ්‍රී ලංකාවෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14 දහස් 573 ක්.
කොවිඩ් ආසාදිතයින් 12,653 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවන අතර සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 05 ලක්ෂ 44 දහස් 200 ක්.