සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    RICE TEA MEAL FOOD KOTHTHU

    ලාෆ් ගෑස් මිළ – හෝටල් කෑම වැඩි වෙයිද ? තීරණය අද

    කොළඹ හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි

    ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරු හිමිපානන්ගේ අවසන් කටයුතු අද

    සමාජ මාධ්‍ය ක්‍රියාකාරි දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට

    සමාජ මාධ්‍ය ක්‍රියාකාරි දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට

    නව ජනපති රනිල් ද ? ඩලස් ද ? අනුර ද ? තීන්දුව අද – පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක්

    ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි

    නිරෝධායන රීති කැඩූ තවත් 452ක් පොලිස් දැලේ

    කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් අඹුසැමි යුවලක් අත්අඩංගුවට

    ගෑස් නියාමනයට මහජන උපයෝගිතා කොමිෂන් සභාව සුදානම්

    මහජන උපයෝගිතා කොමිසමට නව සාමාජිකයෙක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    RICE TEA MEAL FOOD KOTHTHU

    ලාෆ් ගෑස් මිළ – හෝටල් කෑම වැඩි වෙයිද ? තීරණය අද

    කොළඹ හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි

    ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරු හිමිපානන්ගේ අවසන් කටයුතු අද

    සමාජ මාධ්‍ය ක්‍රියාකාරි දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට

    සමාජ මාධ්‍ය ක්‍රියාකාරි දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට

    නව ජනපති රනිල් ද ? ඩලස් ද ? අනුර ද ? තීන්දුව අද – පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක්

    ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි

    නිරෝධායන රීති කැඩූ තවත් 452ක් පොලිස් දැලේ

    කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් අඹුසැමි යුවලක් අත්අඩංගුවට

    ගෑස් නියාමනයට මහජන උපයෝගිතා කොමිෂන් සභාව සුදානම්

    මහජන උපයෝගිතා කොමිසමට නව සාමාජිකයෙක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

මෙරට අවු. 5 ට අඩු දරුවන්ගෙන් 50% කට මන්දපෝෂණය

Admin by Admin
2 months ago
in ජනප්‍රිය පුවත්, දේශීය, ප්‍රමුඛ පුවත්
0
මෙරට අවු. 5 ට අඩු දරුවන්ගෙන් 50% කට මන්දපෝෂණය
0
SHARES
5
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

මෙරට ආර්ථික ස්ථායීකරණයට අදාළව වෘත්තීය සමිති සහ වෘත්තීය සංගම්වල අදහස් හා යෝජනා  ආර්ථික ස්ථායීකරණ කමිටුවට ඉදිරිපත් කෙරේ…

 

  • අවු. 5 ට අඩු දරුවන්ගෙන් 50%කට මන්දපෝෂණය… 
  • රාජ්‍ය බැංකු පද්ධතිය විසින් රාජ්‍ය ආයතන වෙත ලබා දී ඇති ණය අය කර ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වී නැහැ..

මෙරට ආර්ථික ස්ථායීකරණයට අදාළව වෘත්තීය සමිති සහ වෘත්තීය සංගම්වල අදහස් හා යෝජනා

ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වූ ජාතික සභා අනු කාරක සභාවට ඉදිරිපත් කිරීම පසුගියදා සිදුවිය. ඒ උක්ත අනු කමිටුව එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිදා (03) රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී වෛද්‍ය වෘත්තීය සමිති නියෝජනය කරමින් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දුන්නේ ඖෂධ, ආහාර සහ පෝෂණය සම්බන්ධයෙන් ආර්ථික ස්ථායීකරණ කමිටුව මගින් නිර්දේශිත විසඳුම් සහ යෝජනා සහ තම සංගමය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා බොහෝ සෙයින් සමාන බවයි. එමෙන්ම මෑතකදී එළි දක්වන ලද පවුල් සෞඛ්‍ය කාර්‍යංශ වාර්තා දත්ත අනුව මෙතෙක් සෞඛ්‍ය සහ පෝෂණ ගැටළු අවම මට්ටමක තිබූ පොළොන්නරුව, මාතර, ගාල්ල වැනි ප්‍රදේශවලද එම ගැටළුවල ඉහළ යාමක් පෙන්නුම් කරන බව ද සඳහන් කළ වෛද්‍ය අලුත්ගේ පෙන්වා දුන්නේ ක්‍රමවත් නියාමනයක් තුළින් දැනට පවතින බිලියන 160 ක් පමණ වන ඖෂධ මිලදී ගැනීම සඳහා වෙන් කෙරෙන මුදල් ප්‍රමාණයෙන් බිලියන 20 ක් පමණ අඩු කර ගත හැකි බවයි.

රසායනාගාර සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති නියෝජනය කරමින් කරුණු දැක්වූ රවී කුමුදේශ් මහතා පෙන්වා දුන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන ඉල්ලා සිටින දූෂණයට වැට බැඳීමට අදාළ වන යෝජනා සම්බන්ධයෙන් වැඩි අවධානයක් ලබා දීමේ අවශ්‍ය බවයි. ඖෂධ සහ උපකරණ ප්‍රසම්පාදනයේ දී ජාතික ප්‍රසම්පාදන කොමිසම සතුව පවතින අධිකාරී බලය දේශපාලන අතපෙවීම් අභිබවා යාම සඳහා ප්‍රමාණවත් නොවන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සීමාවට ගෙන ඒම හේතුවෙන් සේවය කිරීමට කැමැති, වැඩ කිරීමේ හැකියාව සහිත අයව වේලාසනින් අකැමැත්තෙන් විශ්‍රාම යවන ගමන්, රාජ්‍ය සේවයෙන් ඉවත් වූ අයට පෞද්ගලික හෝ විදේශ සේවයේ යෙදීමට ඇති ඉඩ ප්‍රස්ථාව ඇහිරීමේ සූදානමක් ද පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය චන්දන ධර්මරත්න මහතා ප්‍රකාශ කළේය.

පවුල් සෞඛ්‍ය කාර්යාංශය මගින් පෝෂණය සම්බන්ධයෙන් නිකුත් කරන ලද වාර්තාව අනුව අවු. 5 ට අඩු දරුවන්ගෙන් 50%කට මන්දපෝෂණය බවත්, ගර්භණී මව්වරුන්ගේ ශරීර ස්කන්ධ දර්ශකයේ අගය බෙහෙවින් අඩුවී ඇති බවත් මෙහිදී අවධාරණය කෙරිණි. ග්‍රාම නිලධාරී සහ පවුල් සෞඛ්‍ය සේවිකා මට්ටමෙන් ප්‍රමුඛතා හඳුනාගෙන මේ සම්බන්ධ විසඳුම් සෙවිය යුතු බව මෙහිදී සාකච්ඡා වූ අතර  කමිටු සභාපති රණවක මහතා පෙන්වා දුන්නේ ප්‍රමුඛතා ලැයිස්තු සකස් කිරීම සඳහා විදුලිය බිල පදනම් කරගන්නා ක්‍රමවේදය සම්බන්ධයෙන් කමිටුවේ පළමු වාර්තාවේ යෝජනා කර ඇති බවය.

මහ බැංකුවේ තීරණ යටපත් කරමින් සිදු කෙරුණු දේශපාලන තීන්දු හේතුවෙන් දරුණු ආර්ථික අවපාතයක් ඇති වූ බවත්, රාජ්‍ය බැංකු පද්ධතිය විසින් රාජ්‍ය ආයතන වෙත ලබා දී ඇති ණය අය කර ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වී නොමැති බව ද මූල්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නියෝජිතයෝ මෙහිදී පෙන්වා දුන්හ.

ඇඟළුම් ක්ෂේත්‍රයේ 80% ක්  පමණ සේවයේ යෙදී සිටින්නේ කාන්තාවන් බවත්, අධික ලෙසම දරිද්‍රතාවයෙන් පෙළෙන්නේ එම ක්ෂේත්‍රය බව ද එහිදී අවධාරණය කෙරිණ. ආර්ථික ස්ථායීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව සමග ගනුදෙනු කිරීම අනතුරුදායක බවට විදේශීය බැංකු පවා තීරණය කර ඇති බවය. එබැවින් අදාළ මහා පරිමාණ සමාගම් තමන්ගේ කම්හල් සහ කාර්‍යාල විදේශ රටවලට ගෙනයාමට තීරණය කළත්, දරිද්‍රතාවයෙන් පෙළෙන තම සේවක සේවිකාවන් රැගෙන යාමට උත්සාහ නොකරන්නේ ඊට වඩා ලාභ ශ්‍රමය වෙනත් රටවලින් ලබාගැනීම තුළින් තම පිරිවැය අවම කරගැනීමට එම සමාගම් උනන්දුවක් දක්වන නිසා බව ඔහු පෙන්වා දුන්නේය.

මෙම රැස්වීමට කමිටු සාමාජිකයන් වන අමාත්‍ය ගරු නසීර් අහමඩ් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අශෝක් අබේසිංහ යන මහත්වරුන් ද එක්වූහ.

Admin
Tags: ආර්ථික ස්ථායීකරණය
Previous Post

මහින්ද ඇතුළු 05 කට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

Next Post

දේශීය ආදායම් – වැට් බදු පනත් කෙටුම්පත සම්මත කෙරේ

Admin

Admin

Related Posts

RICE TEA MEAL FOOD KOTHTHU
දේශීය

ලාෆ් ගෑස් මිළ – හෝටල් කෑම වැඩි වෙයිද ? තීරණය අද

by Admin
February 6, 2023
කොළඹ හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි
දේශීය

ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරු හිමිපානන්ගේ අවසන් කටයුතු අද

by Admin
February 6, 2023
සමාජ මාධ්‍ය ක්‍රියාකාරි දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට
දේශීය

සමාජ මාධ්‍ය ක්‍රියාකාරි දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට

by Admin
February 6, 2023
නව ජනපති රනිල් ද ? ඩලස් ද ? අනුර ද ? තීන්දුව අද – පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක්
දේශීය

ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි

by Admin
February 6, 2023
නිරෝධායන රීති කැඩූ තවත් 452ක් පොලිස් දැලේ
දේශීය

කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් අඹුසැමි යුවලක් අත්අඩංගුවට

by Admin
February 5, 2023
Next Post
VAT බද්ද ඉහළ දැමීමට අදාළ සංශෝධන අද පාර්ලිමේන්තුවට

දේශීය ආදායම් - වැට් බදු පනත් කෙටුම්පත සම්මත කෙරේ

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය සෞඛ්‍ය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In