මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාධිතයන් 425 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව පන් ලක්ෂ 38 දහස් 186 ක් ලෙසයි පවතින්නේ.
දැනට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 20 දහස් 156 ක්.
තවත් ආසාධිතයන් 373 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව පන් ලක්ෂ 4376 දක්වා ඉහළ ගියා.
ශ්‍රී ලංකාවෙන් වාර්තාවී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 13 දහස් 674 ක් බවට පත්වුණා.
ඒ ඊයේ දිනයේදී තවත් මරණ 20 ක් වාර්තා වීමත් සමගයි.
ඉන් මරණ 12 ක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර මරණ 08 ක් වයස අවුරුදු 30 ත් 59 ත් අතර අයයි.