රජයේ අසාර්ථක මූල්‍ය පද්ධතිය හේතුවෙන් මෙරට කුඩා දරුවන්ගේ මන්දපෝෂණ ප්‍රතිශතය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බවට සමගි ජනබලවේගය පෙන්වා දෙනවා.
අද පස්වරුවේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා මේ බව සදහන් කළා.
ගැබිණි මව්වරුන්ට ලබා දුන් පෝෂණ මල්ල සහ කුඩා දරුවන්ට ලබා දුන් ත්‍රිපෝෂ සලාකය ලබා දීම අත්හිටුවීම හේතුවෙන් එවැනි තත්වයක් නිර්මාණය වී ඇති බවටයි මන්ත්‍රීවරයා චෝදනා කළේ.
වර්තමානයේ ක්‍රියාත්මක උද්ඝෝෂණ සම්බන්ධයෙන්ද අශෝක අබේසිංහ මහතා මෙහිදී අදහස් දැක්වූවා.
ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ගොවිජනතාව විසින් සිය ගොවිබිම්වල සිට රටේ පාලකයින්ට එරෙහිව හඩනගන තත්වයක් ඇති වී ඇති බවයි අශෝක අබේසිංහ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේ.