කොටිකාවත්ත මුල්ලේරියාව ප්රාදේශීය සභා මන්ත්රීවරයෙකු වන සුමුදු රුක්ෂාන් මහතා පසුගිය 02 වනදා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්රධාන සැකකරුට කුලී පදනම මත රැදී සිටීමට අවසර දුන් නිවසේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ පුද්ගලයා ත්රීරෝද රථයකින් හිඹුටාන ප්රදේශයේදී ගමන්කරමින් සිටියදීයි නුගේගොඩ පිහිටි බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්රෑම් 07 කට ආසන්න ප්රමාණයක්ද සොයාගත් බවයි පොලිසිය සදහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 23 ක් වන මුල්ලේරියාව ප්රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු අද අලූත්කඩේ මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයයි වැඩිදුර විමර්ශන මෙහෙයවන්නේ.
