මෙවර අයි පී එල් තරගාවලියේ රාජස්ථාන් රෝයල් කණ්ඩායම සමග ඊයේ පැවති තරගය කඩුලූ 05 කින් ජය ගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම සමත්වුනා.
පළමුවෙන් පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල් පිළ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 158 ක්.
ජෝස් බට්ලර් 67 යි.
රවිචන්ද්‍රන් අශ්වින් 21 යි.
රිතික් ෂෝකන් සහ රයිලි මර්ඩිත් කඩුලු දෙක බැගින් බිදහෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ඉන්ඩියන්ස් පිළ පන්දුවාර 19 යි පන්දු 02 කදී කඩුලු 05 ක් පමණක් දැවී සිය ජයග්‍රාහි ඉලක්කය පසුකළා.
සූර්ය කුමාර් යාදෙව් 51යි. තිලක් වර්මා 35 යි. ටිම් ඩේවිඩ් නොදැවී ලකුණු 20 යි.
මේ අතර රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් සහ ගුජරාට් ටයිට්න් අතර ඊයේ පැවති අනෙක් තරගයේ ජය ගැනීමට ගුජරාට් කණ්ඩායම සමත් වුණා.
පළමුවෙන් පන්දුවට පහරදුන් රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් පිළ පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 ක් දැවී ලකුණු 170 ක් රැස්කළා.
විරාට් කෝලි 58 යි. රාජත් පතිදාර් ලකුණු 52 යි. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ගුජරාට් පිළ කඩුලු 04 ක් පමණක් දැවී සිය ජයග්‍රාහි ඉලක්කය පසුකළා.
වනිදු හසරංග සහ ශබාස් අහමඩ් කඩලු 02 බැගින් බිදහෙළීමට සමත් වුණා.
මේ අතර දිල්ලි කැපිටලස් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩයම් අතර තරගය අද පස්වරුවේත් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම අතර තරගය අද රාත්‍රියේදීත් පැවැත්වීමට නියමිතයි.
