මුදල් ඇමැතිවරයා විසින් පාර්ලිමේන්තු අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති මුදල් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් කර තිබෙනවා.
ඒ අනුව එම නිගමනය කථානායකවරයා වෙත යොමු කරන බවයි ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල දන්වා සිටියේ.
මීට අදාළව ලිඛිත දේශන ඇත්නම් ලබන 12 වන දිනට පෙර ගොණු කරන ලෙසටද මෙහිදී නියම කෙරුණා.
මේ අතර අදාළ පණත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් සඳහා නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට සංශෝධන ඉදිරිපත් කළා.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නිතීඥ නිර්මලන් විග්නේෂ්වරන් මහතායි ඓය ඉදිරිපත් කරනු ලැබුවේ.
