මුදල් ඇමැතිවරයා විසින් පාර්ලිමේන්තු අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති මුදල් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති සියලූ පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණයෙදී සලකා බැලීමට නියමිතයි.
ජනතා විමුක්ති පෙරමුණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති / සමගි ජනබලවේගය මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර සහ වෘත්තීය සමිති නායකයන් පිරිසක් ගොනු කළ පෙත්සම් ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනී වික්‍රමසිංහ, ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ කැඳවනු ලැබුවා.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම් ගොනු කිරීමේ කාලය ඊයේ දිනයෙන් අවසන් වන බැවින් සියලූ පෙත්සම් අද කැදවීමටයි නියෝග කළේ.
මුදල් ඇමැති වරයා විසින් පාර්ලිමේන්තු අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති මුදල් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙසත් , එම පනත් කෙටුම්පත නීතියක් බවට පත් වීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවටත් නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් වෙන වෙනම ගොනු කල මෙම පෙත්සම් මගින් ඉල්ලා තිබෙනවා.