විදේශීය රටක සිට වටිනා ඩොලර් පාර්සලයක් ලැබී ඇති බවට පවසමින් රුපියල් 129 000ක මුදලක් වංචා කළ ලෙසතෝ ජාතිකයෙකු නුගේගොඩදී පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාස නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම මුදල් වංචාවට හසුවී ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන අතර අදාළ සැකකරු විසින් මුහුණු පොත හරහා මෙම කාන්තාව සමග සබධතා පවත්වා මෙම මුදල් වංචාව සිදුකර ඇති බව සදහන්.
සැකකරු වයස අවුරුදු 23ක අයෙක් වන අතර ඔහු ගල්කිස්ස ප්‍රදේශයේ රෙදිපිළි ව්‍යාපාරිකයෙකු ලෙස පෙනී සිට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි පොලිසිය සදහන් කළේ.
මෙවැනි පුද්ගලයින් හෝ ඔවුන්ට ආධාර අනුබල ලබා දෙන පුද්ගලයින් සම්බන්ධ තොරතුරු පවතීනම් 119 දුරකථන අංකයට හෝ ලගම ඇති පොලිස් ස්ථානයට ගොස් දැනුවත් කරන ලෙසද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ජනතාවට දැනුම් දෙනවා.