මුදල් ඇමැතිවරයා විසින් පාර්ලිමේන්තු අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති මුදල් සංශෝධන පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් සංශෝධනය කරන කරමින් නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ට නිතීඥ නිර්මලන් විග්නේෂ්වරන් මහතායි මෙය ඉදිරිපත් කරනු ලැබුවේ.
ඒ අදාළ පණත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් කිහිපයක් ඊයේ කැදවනු ලැබුවා.
එහිදි නීතිපතිවරයා සදහන් කලේ අදාල කෙටුම්පතේ වගන්ති කිහිපයක් සංශෝධනය කරන බවයිත ඒ අනුවයි එම සංශෝධන සහිතව අද එය යළි ඉදිරිපත් කරනු ලැබුවේ.
