රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත මුදල් කෙටුම්පතක් අභියෝගයට ලක්කරමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා ශ්‍රේෂඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා.
ඔහු පෙන්වා දී ඇත්තේ මෙම පනත හරහා නීති විරෝධී මුදල් නීත්‍යානුකූල කිරීමට අවස්ථාව හිමිවන බවයි.
ඒ හේතුවෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සහ ජනමත විචාරණයක් මගින් මෙම මුදල් කෙටුම්පත සම්මත වියයුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසටයි සුනිල් හදුන්නෙත්ති මහතා විසින් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.
