මෙරට ජනතාව අතිශය පීඩාවට පත්වෙනතුරු සිට අප්‍රේල් 11 වෙනිදා දිනයේදී මුදල් අමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට සූදානම් වීම පිටුපස විශාල වංචාවක් පවතින බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා.
මුදල් අමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන බව පවසමින් රාජ්‍ය මුදල් භාවිත කර පෞද්ගලික ගමන් යන බවටයි ඔහු චෝදනා කරන්නේ.
අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හේෂා විතානගේ මහතා මේ බව කියාසිටියා.
මෙම මාධ්‍ය හමුවට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජෙසිරි මහතාද එක්ව සිටියා.
ආණ්ඩුව බලයෙන් පහ කිරීමට සමගි ජනබලවේගයේ සූදානම සම්බන්ධයෙන් ඔහු මෙලෙස අදහස් පළකලා.
