මුතුරාජවෙල තෙත්බිම සම්බන්ධයෙන් නිකුත් කර ඇති නව ගැසට් නිවේදනය පිළිබද අනිසි බියක් ඇති කර නොගන්නැයි නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රසාද් රණවීර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
පෑලියගොඩ සිට කොච්චිකඩේ දක්වා මුහුදු තීරයට අයත් ඉඩම් හෙක්ටයාර 3000කට වැඩි ප්‍රමාණයක් නාගරික සංවර්ධන අධිකාරියට පවරමිනුයි ජනාධීපතිවරයා විසින් පසුගියදා මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබුණේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රසාද් රණවීර මහතා කියා සිටියේ මුතුරාජවෙල තෙත්බිම ආරක්ෂා කිරීමට සියලුදෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බවයි.