මෙවර පළාත් පාලන මැතිවරණයෙන් කොළඹ මහ නගර සභාවට තරගවැදීම සඳහා තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.
අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව සඳහන් කළේය.
තමා එම තනතුර සඳහා ඉදිරිපත් කිරීමට පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇතැයිද ඔහු සඳහන් කළේය.
පසුගිය මහමැතිවරණයේ දී තමාට කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව ඡන්ද අසූ හත් දහසක් ලබාදුන් බවත් ඒ කෘතවේදී ජනතාව ට තමා මේ අවස්ථාවේදී ස්තූතිය පුද කරන බවත් මුජුබර් රහුමාන් මහතා කීවේය.
