ලබන සතියට නියමිත පාර්ලිමේන්තු රැස්වීම් අවලංගු කරන්නැයි සමගි ජන බලවේගය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිඛෙනවා.
පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තානයක මහතා නිව්ස් රේඩියෝවට කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ට කොරෝනා වැළදි ඇති මොහොතක පාර්ලිමේන්තුව රැස් වීම යෝග්‍ය නොමැති බවයි.
