මීගමුව නගරයේ පිහිටි ඔසු සැලක මත් කරල් අලෙවිකරමින් සිටි සැකකරුවෙකු සහ සැකකාරියක මත්කරල් දෙදහසකට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීගමුව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරින්ගේද සහය ඇතිවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය අවුරුදු 28 සහ 19 වයස්වල පසුවන මීගමුව හා වැලිහේන ප්‍රදේශවල පදිංචිකරුවන්.
මොවුන් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මීගමුව පොලිසියයි වැඩිදුර විමර්ශන පවත්වන්නේ.