දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පසුගිය සතියේ සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබූ එළවළු තොග මිල අද දිනයේදී විශාල වශයෙන් පහළ වැටී අලෙවි නොවන තත්වයකට පත්ව තිබෙනවා.
එළවළු මිල පහත වැටීම හා අලෙවි නොවීමට ප්රධාන හේතුව වී ඇත්තේ පවතින ඉන්ධන අර්බුධය හමුවේ එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන් නොපැමිණීම බවයි වෙළදුන් පවසන්නේ.
පසුගිය සතියේ රුපියල් 300කට ආසන්න අගයක් ගෙන තිබූ බෝංචි කිලෝවක තොග මිල අද රුපියල් 100 දක්වා පහත වැටී තිබූ අතර අද දිනයේදී තක්කාලි කිලෝවක් රුපියල් 60කටත් / කැරට් කිලෝවක් 110 කටත් / රතු අල කිලෝව රුපියල් 100 ක් සහ ලීක්ස් කිලෝවක් රුපියල් 80ක් දක්වාත් මිළ පහත වැටී ඇති බවයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන ගොවීන් කියාසිටියේ.