අද දින උදෑසන ශ්‍රීලන්කන් ගුවන් සේවයේ අංක UL225 ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පිටත් වීමේ පර්යන්තය හරහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරය බලා පිටත් වීමට පැමිණි ගුවන් මගීන් හත් දෙනෙකු ශ්‍රී ලංකා රේගුවේ මත් ද්‍රව්‍ය නිවාරණ අංශයේ නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේ දී ඔවුන්ගේ ගමන් මළු තුල ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ විදේශ මුදල් තොගයක් සොයා ගන්නා ලදි.
එම මුදල් තොගය තුල ශ්‍රී ලංකා රුපියල් මිලියන 65 කට අධික වටිනාකමකින් යුත් ඇමෙරිකානු ඩොලර්, යුරෝ සහ ස්ටර්ලින් පවුම් අඩංගුව තිබුණා.
රේගුවට සඟවා නීති විරෝධී ලෙස මුදල් මෙරටින් පිට කිරීමට දරන ලද මෙම උත්සාහය රේගු නිලධාරීන්ගේ සුපරීක්ෂාකාරී බව නිසා වැලක් වීමට හැකි විය.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ශ්‍රී ලංකා රේගුවේ මත් ද්‍රව්‍ය නිවාරණ අංශයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.
