රුපියල් මිලියන 65 කට අධික වටිනාකමකින් යුත් තවත් කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් 03 දෙනෙකු උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ශ්රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ යාපනය කන්කසන්තුරයට උතුරු මුහුදු ප්රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගිනුයි මෙම කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ගොඩබිම දෙසට පැමිණි සැකකටයුතු ඩිංගි යාත්රාවක් පරික්ෂා කිරීමේදී එම ඩිංගි යාත්රාව තුල ගෝනි උර හයක පාර්සල් වශයෙන් අසුරන ලද කේරල ගංජා කිලෝ 216 ග්රෑම් 750ක පමණ තොගය සහ වියළි කහ කිලෝ ග්රෑම් 19ක පමණ ප්රමාණයක්ද එහිදී සොයාගෙන තිබෙනවා.
නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 22 ත් 34ත් අතර වයසේ පසුවන කන්කසන්තුරය වළලායි ප්රදේශයේ පදිංචිකරුවන් බවටයි අනාවරණය වී ඇත්තේ.