මියෙන්මාරයේ ජේඩ් පතලක් නායයාමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් 70කට අධික පිරිසක් අතුරුදන්ව තිබෙනවා.
අද පෙරවරුවේ මෙම නායයාම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
උතුරු මියෙන්මාරයේ නීති විරෝධී ආකාරයෙන් පවත්වාගෙනගිය ජේඩ් පතලක ඉවතලන ද්‍රව්‍ය ගොඩගසා තිබූ කන්දක් මෙලෙස නායගොස් තිබෙනවා.
අතුරුදන්වූවන් බේරා ගැනීමේ මෙහෙයුම් මේවනවිටත් ආරම්භ කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
මීට දින 10කට පමණ ඉහතදීද මියෙන්මාරයේදී මෙැවනි අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු අතුරුදව්ව තිබුණා.