කොවිඩ් වසංගතය හමුවේ රට මුහුණ දී ඇති භයානක තත්වය තේරුම් ගනිමින් ලබන මස 20 වනදා තෙක් රට සම්පූර්ණයෙන් වසා තබන ලෙස සමගි ජන බලවේගය රජයට බල කරනවා.
සෞඛ්‍ය විශේෂඥයින් දිගින් දිගටම රටේ අවදානම් තත්වය තේරුම් කර දෙමින් තිබියදීත් ආණ්ඩුව රට වසා දැමීමේ තීරණය නොගන්නේ ජනතාවගෙන් පළිගන්නටදැයි බරපතල සැකයක් පවතින බවයි විපක්ෂනායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රි එස් එම් මරික්කාර් මහතා කියා සිටියේ.