දෛනිකව වාර්තාවන කොවිඩ් ආසාධිතයින්ගේ සංඛ්‍යා දත්ත රජය විසින් නිවැරැදිව ප්‍රකාශ නොකරන බවට සමගි ජනබලවේගය චෝදනා කරනවා.
එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දී ඇති නිර්දේශ අනූව වසංගතය පාලනය කිරීම සදහා රජය විසින් කිසිදු සාර්ථක වැඩපිළිවෙලක් ආරම්භ කර නැතැයිද ඔවුන් පවසනවා.
අද පෙරුවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව කියා සිටියා.
මේ අතර ශ්‍රී ලංකාවේ දැනට පවතින අවදානම අවම කර ගැනීමටනම් ලබාදිය සැපයිය යුතු ප්‍රධාන අවශ්‍යතා දෙකක් සම්බන්ධයෙන්ද රාජිත සේනාරත්න මහතාගේ අවධානය යොමු වුණා.