ඉදිරියේදී මෙරටට ආනයනය කෙරෙන ගෑස් වරායේ ගොඩ බෑමට අවසර දෙන්නේ එහි සංයුතිය මෙන්ම එතිල් මර්කැප්ටන් අඩංගු ප්‍රතිශතය පරීක්ෂා කිරීමෙන් පසු බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.
මේ දක්වා ආනයනය කළ ගෑස් සදහා එතිල් මර්කැප්ටන් එක්කරනු ලැබුවේ මෙරට තුලදි බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදි අමාත්‍යවරයා කියා සිටියේ.
ඉදිරියේදි ගෑස් ආනයනය කරන අවස්ථාවේදිම ඊට එතිල් මර්කැප්ටන් එක්කරන ලෙසට උපදෙස් දි ඇති බවයි ලසන්ත අලගියවන්න මහතා අවධාරණය කළේ.
මේ අතර නව මුද්‍රාවක් යටතේ නිකුත් කර තිබු ලිට්‍රෝ ගෑස් සිලින්ඩර ආශ්‍රීත කාන්දු හා පුපුරායාම් වාර්තා වු බව කියන සිද්ධීන් පිළිබදවද මාධ්‍යවේදින් මෙහිදී ප්‍රශ්ණ කළා.
මේ ඊට ප්‍රතිචාර දැක්වූ ලසන්ත අලගියවන්න මහතා.