මින් ඉදිරියට වෙළඳපොලට නිකුත් කරනුයේ ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය සහ පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අනුමත කරන ප්‍රමිතීන් සහිත ගෑස් පමණක් බව ලිට්‍රෝ සමාගම අද අභියාචනාධිකරණයට දන්වා සිටියා.
ඒ දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින්. එමෙන්ම ගෑස් වල සංයුතිය ඇතුළත් ස්ටිකරයක් සිලින්ඩරයේ මතුපිට ප්‍රදර්ශනය කිරීමටද කටයුතු කරන බවයි ඔවුන් අධිකරණයට වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.
ලිට්‍රෝ සමාගම මේ බව සඳහන් කලේ මෑතකාලීන ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් වන්දි දෙන ලෙස ඉල්ලා සිවිල් සමාජ ක්‍රියාකාරී නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොණු කර ඇති රිට් පෙත්සම අද යළි කැඳවූ අවස්ථාවේදීයි.
පෙත්සම වැඩිදුර සළකා බැලීම හෙට දිනය දක්වා කල් ගියා.