කෙන්යාවේ පෙරෙස් ජෙප්චර්චි ඔලිම්පික් ක්රීඩා උළෙලේ මැරතන් කාන්තා ඉසව්වේ රන් පදක්කම අද දිනා ගත්තා.
ඒ, පැය 02 යි මිනිත්තු 27 යි තත්පර 20 ක කාලයක් සටහන් කරමින්.
මැරතන් කාන්තා ඉසව්වේ, ලෝක වාර්තාවට හිමිකම් කියන කෙන්යාවේ බ්රිජිඩ් කොස්ගේට හිමි වූයේ රිදී පදක්කමයි.
ලෝකඩ පදක්කම අමෙරිකාවේ මොලි සෙයිඩල් විසින් දිනා ගත්තා.
