මැයි 09 වෙනිදා ඇතිවූ කලහකාරී සිදුවීමේදී පෞද්ගලික බස්රථ වලට ගිනිතබා විනාශ කිරීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹදී කැදවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කලේ බස් රථ 40ක් පමණ නැවත කිසිදු අයුරකින් භාවිතයට ගත නොහැකි ආකාරයෙන් විනාශ කර දමා ඇති බවයි.