හාම්පුතා විසින් අමරිකානු ඩොලර් 15,000 රක්ෂණාවරණයක් නොදෙන කිසිදු ලාංකික ශ්‍රමිකයෙකුට ලබන වසරේ සිට මැද පෙරදිග රැකියා සඳහා විදෙස්ගත වීමට ඉඩ නොදෙන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.
ශ්‍රමිකයාගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තිරණය ගත් බවයි ඊයේ පාර්ලිමේන්තුවේ පැවති සභාව කල් තැබීමේ විවාදයේ පිළිතුරු කතාව කරමින් අමාත්‍යවරයා කියා සිටියේ.
ශ්‍රමිකයන් සදහා රක්ෂණාවරණයක් වෙනුවෙන් හාම්පුතුන්ගෙන් ඩොලර් පන්දහසකට වැඩි මුදලක් ගෙන විදෙස් රැකියා නියෝජිතයින් විසින් එම මුදල් වංචා කිරීමේ ජාවාරමක්ද මේවනවිට අනාවරණ වී ඇති බව නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහිදී කියා සිටියා.
විදෙස්ගත ලාංකික ශ්‍රමිකයන්ගේ නොවිසඳුනු ගැටලු කිහිපයක් මූලික කරගනිමින් ඊයේ පාර්ලිමේන්තුවේ සභාව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කලේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතායි.
සමගි ජන බලවේගයේ මන්ත්‍රී හේෂා විතානගේ මහතාද එම විවාදයේදී විදෙස්ගත ලාංකිකයන් වෙනුවෙන් අදහස් දැක්වුවා.