ජනාධිපතිවරයාගේ නිවස වටකර පහර දිය යුතු යෝජනා කළ අන්තර් විශ්ව විද්‍යාලිය බල මණ්ඩලයේ සාමාජිකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බව අමාත්‍ය කාංචන විපේසේකර මහතා මහතා අවධාරණය කරනවා.
මන්ත්‍රීවරන්ගේ නිවාස ගිනි තැබීමට සම්බන්ධ වු පිරිස් අතර විපක්ෂයේ දේශපාලන පක්ෂ සදහා සහය දක්වන කණ්ඩායම් වන අතර ඔවුන් සම්බන්ධයෙන්ද පියවර ගත යුතු බවයි අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදි කියා සිටියේ.
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහමන්දිරයේ පැවති රැස්වීමෙන් ප්‍රඩන්ඩත්වය නිර්මාණය වු බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා චෝදනා කළේ.
ආර්ථික අපදාව මානව ආපදවක් බවට පත් කිරීමෙන් රට තුල ප්‍රචන්ඩත්වය නිර්මාණය වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේ.
අද පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මානව හිමිකම් කොමිසමට ලබාදුන් ප්‍රකාශය මගින් මෙය තහවුරු වූ බවයි.
මේ විවාදයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා