ශ්‍රී ලංකා පිහිණුම් ක්‍රීඩක මැතිව් අබේසිංහ අද ටෝකියෝ ඔලිම්පික් උළෙලේ තරග බිමට පිවිසෙනවා.
ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 03 යි 40 ට පිරිමි මීටර් 100 නිදහස් ආර මූලික වටයේ ඉසව් සඳහා ඔහු සහභාගී වනු ඇති.
ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට ජපානය සමත්වී සිටිනවා. ඒ රන් පදක්කම් 08 ක් දිනා ගනිමින්.
රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 03 ක්ද ඔවුන් විසින් දිනා ගෙන තිබෙනවා.
අමෙරිකාව පදක්කම් සටහනේ දෙවන ස්ථානයේ පසුවන්නේ රන් 07 ක් – රිදී 03 ක් හා ලෝකඩ 04 ක් හිමිකර ගනිමිනුයි.
රන් පදක්කම් 06 ක් – රිදී 05 ක් සහ ලෝකඩ 07 ක් හිමිකර ගත් චීනය පසුවන්නේ 03 වන ස්ථානයේයි.
රටවල් 51 ක් මේ දක්වා එක් පදක්කමක් හෝ දිනාගෙන අවසන්.
