මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණ සඳහා වන, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ කාන්තා සංවිධාන 5ක් සිය යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.
මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යූහයේ හා නීතිරීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, එහි සභාපති, සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදී මෙලෙස යෝජනා භාර දී ඇති බවයි සභානායක කාර්යාලය නිවේදනය කළේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය – කාන්තා දේශපාලන පීඨය – විල් ක්ලබ් කාන්තා සංවිධානය – යෙහෙළිය කාන්තා සංවිධානය හා ගංගොඩවිල එක්සත් සමාජ සේවා කාන්තා සමිතිය, කාරක සභාව හමුවේ සිය යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.
මෙම විශේෂ කාරක සභාව යළි 2021 අගෝස්තු 11 පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතයි.