සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    BASIL RAJAPAKSA

    බැසිල් ජනාධිපතිවරණ සටනට ?

    දරුවන් පළිහක් ලෙස යොදා ගනිමින් පෙළපාළිවලට ගෙනයාම බරපතල වරදක්

    මගේ කාලය තුළ කාටවත් නීතිය කඩන්න දෙන්නෙ නෑ

    MAHINDA RAJAPAKSA

    තෙල් වෘත්තීය සමිති නායකයින් මහින්ද හමුවට

    අවහන්හලේ පඩිපෙළෙන් ඇදවැටී ප්‍රධාන සූපවේදියා මරුට

    බිග්මැච් උණුසුම මැද රථයක් පෙරළී සිසුන් දෙදෙනෙක් මරුට

    වැඩි මිලට බිත්තර විකිණූ වෙළෙන්ඳා ට රුපියල් ලක්ෂ 10 ක දඩයක්

    ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ගැන ප්‍රකාශයක්

    අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි

    අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    BASIL RAJAPAKSA

    බැසිල් ජනාධිපතිවරණ සටනට ?

    දරුවන් පළිහක් ලෙස යොදා ගනිමින් පෙළපාළිවලට ගෙනයාම බරපතල වරදක්

    මගේ කාලය තුළ කාටවත් නීතිය කඩන්න දෙන්නෙ නෑ

    MAHINDA RAJAPAKSA

    තෙල් වෘත්තීය සමිති නායකයින් මහින්ද හමුවට

    අවහන්හලේ පඩිපෙළෙන් ඇදවැටී ප්‍රධාන සූපවේදියා මරුට

    බිග්මැච් උණුසුම මැද රථයක් පෙරළී සිසුන් දෙදෙනෙක් මරුට

    වැඩි මිලට බිත්තර විකිණූ වෙළෙන්ඳා ට රුපියල් ලක්ෂ 10 ක දඩයක්

    ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ගැන ප්‍රකාශයක්

    අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි

    අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

මැතිවරණය කුමන මොහොතක පැවැත්වූවත් මුහුණ දෙන්න සමගි ජන බලවේගය සූදානම්

Admin by Admin
3 months ago
in ජනප්‍රිය පුවත්, දේශීය, ප්‍රමුඛ පුවත්
0
THISSA ATTANAYAKE
0
SHARES
2
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

විපක්ෂ නායක කාර්යාලයේ අද (27) පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ සමගි ජන බලවේගය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා.

තීරණාත්මක දවස් කීපයක් අපි මේ අවසන් කරන්නේ. 2022 මේ රටේ නරක ප්‍රවේශයකට ලඟා වූ වසරක්. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට බංකොලොත් රාජ්‍යයක් බවට 2022 පරිවර්තනය වුණා. එය ඉතාම කණගාටුදායකයි ගතවූ වසර 100 අතර අපි වැටුණු තත්ත්වය නරක ප්‍රතිරූපයක් ශ්‍රී ලංකාවට අත්වුණා කියන එක කියන්න ඕන.අපි සියලු දෙනාගේම බලාපොරොත්තුව එළඹෙන 2023 අඩුම ගානේ බංකොලොත් භාවයෙන් මිදී ආර්ථික පීඩනයෙන් මිදී ජනතාව සතුටෙන් තියන අවුරුද්දක් බවට පරිවර්තනය විය යුතුයි. ඒ ප්‍රාර්ථනයත් සමග තමයි සමගි ජන බලවේගය ලබන වසර ආරම්භ කරන්නේ.

අපි පළාත් පාන මැතිවරණයට සූදානම් වෙනවා ආණ්ඩුව එම මැතිවරණය මගහැරලා එම අවස්ථාව ජනතාවට ලබා නොදී මඟ හැරීමට නොයෙක් උපක්‍රම යොදනවා. එකක් තමයි ආණ්ඩුවේ මැති ඇමතිවරු දිගින් දිගටම කියන්න පටන් අරගෙන තියෙනවා මැතිවරණයක් මේ මොහොතේ තියන්න අවශ්‍ය නැහැ කියලා. තවත් පැත්තකින් එක්සත් ජාතික පක්ෂයේ නායකයා සහ හිටපු මැති ඇමතිවරු කියන්න පටන් අරගෙන තියෙනවා මැතිවරණයක් පවත්වන්න මුදල් නැහැ කියලා. එය මේ මොහොතේ අවශ්‍ය නැහැ කියලා කියනවා. ඇයි මෙහෙම කියන්නේ මූලික හේතුව මැතිවරණයට තියෙන බය. ආණ්ඩුවක් වුනාම හැම විටම ජනතා මතයට බිය නැතුව ඉදිරිපත් වෙන්න හැකියාව තියෙන්න ඕන. නමුත් අවාසනාවට වත්මන් ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය පවත්වන්නට විශාල බියකින් සහ මගහරිමින් ඉන්න බව කියනවා. ඒ නිසා මැතිවරණය කුමන මොහොතක පැවැත්වූවත් එයට මුහුණ දෙන්න සමගි ජන බලවේගය සූදානම්. විශේෂයෙන්ම මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටිනවා සාකච්ඡාවලදී අපිට එකඟ වුනු පරිදි ව්‍යවස්තානුකූලව ජනතාවගේ ඡන්ද අයිතිය කිසිසේත් උදුරා ගන්න ඉඩ දෙන්න එපා කියලා.

ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා මේ සතියේ මැතිවරණ කොමිසම ප්‍රකාශකරයි කියලා මැතිවරණයේ නාමයෝජනා කැඳවීමේ දිනය වගේම ඒ සඳහා අවශ්‍ය නීතිමය ගැසට් පත්‍ර ආදිය පළ කරයි කියලත් අපි විශ්වාස කරනවා. සමගි ජන සන්ධානය දැනට මේ මැතිවරණය සඳහා එකට වැඩ කරන සියලු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කරමින් සිටිනවා සන්ධානයක් වශයෙන් තරග කිරීම සඳහා. ඒ අනුව මේ සතියේ සියලු සංවිධායකවරුන් කැඳවා තියෙනවා මේ පිළිබඳව සාකච්ඡා කරලා තීරණය කරන්න. අයදුම්පත ලැබුණු විශාල ප්‍රමාණයක් අපට තියෙනවා ඒ ඉල්ලුම් කරපු අයට සම්මුඛ පරීක්ෂණ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා මේ සතියේ ඒ අයදුම්පත් වලින් තෝරා ගත් ප්‍රධාන කණ්ඩායම් වලට අවස්ථාව දීම සඳහා ඉඩකඩ සැලැස්වීමට. ඒත් එක්කම විශේෂත්වයක් තියෙනවා මේ පළාත් පාලන මැතිවරණය තීරණාත්මක මැතිවරණයක් විදියට සලකලා තරුණ ,කාන්තා නියෝජනය වැඩි කරන්න බොහෝ දෙනෙක් මේ පිළිබඳව ඉල්ලා තිබෙනවා. ඒ වගේම තරුණ නියෝජනයට වැඩි අවස්ථාවක් දෙන්න කියලා බලපෑම් තියෙනවා ඒ නිසා අපි තරුණ සහ කාන්තා නියෝජනය වැඩි වශයෙන් යොදාගෙන පළාත් පාලන මැතිවරණයට තරග කිරීමේ අපේක්ෂක ලැයිස්තුව සකස් කරනවා කියන එක පැහැදිලිව කියනවා .

අපි මේ මැතිවරණයට කිසිසේත් බය නැහැ අපිට ඕන මේ මැතිවරණය ජනතාවගේ තීරණය සහ ජනතාවගේ මතය ගැන පැහැදිලි චිත්‍රයක් මේ මැතිවරණයෙන් බලාගන්න. ඒ නිසා අපි ආණ්ඩුවට අභියෝග කරනවා කුමන හේතුවක් නිසාවත් මැතිවරණය කල් දාන්න උත්සාහ කරන්න එපා එසේ වුනොත් දැනටමත් අපි අධිකරණයට ගිහින් තිබෙනවා ඒ තීන්දුව අපි බලාපොරොත්තු වෙනවා වගේම ජනතා පෙළගැස්මකටත් අපි සූදානම් වෙනවා. මැතිවරණය කල් දැමෝත් සියලු විපක්ෂයේ සංවිධාන එකට එකතු කරගත්ත ජනතා ව්‍යාපාරයක් අපි බලාපොරොත්තු වෙනවා එය මැතිවරණයක් ලබාගැනීම වෙනුවෙන්. ඒ නිසා ආණ්ඩුවට අපි කියන්නේ හේතු දක්වන්න උත්සාහ කරන්න එපා මැතිවරණයට මුදල් නෑ සුදුසු පරිසරයක් නෑ කියමින් මඟහරින්න උත්සාහ කරන්න එපා වහාම මැතිවරණ පවත්වන්න එය අපි ආණ්ඩුවට දෙන අභියෝගය.

අද අපි ඉන්නේ ඉතාමත් අයහපත් දුර්වල ආර්ථික තත්ත්වයක. හෙට දවස කොයි විදියටද ජීවත් වෙන්නේ කියලා ජනතාවට හිතාගන්නවත් බැහැ. මම හිතනවා 2023 අපේක්ෂා කොච්චර තිබුණත් එම අවුරුද්දේ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කරන්න ආණ්ඩුව කිසියම් ක්‍රියාමාර්ගයක ඉන්නවද කියලා වත් හිතා ගන්න බැහැ. මොකද රටක ආර්ථිකය කඩාගෙන වැටුනම ඒ ආර්ථිකය ඉහලට ගන්න සහ ඒ පරිවර්තනය ඇති කිරීම ආණ්ඩුවේ ලොකු වගකීමක් මට පේන්නෙ නැහැ සමගි ජන බලවේගය දකින්නෙත් නැහැ වැටිච්ච රට යළි ගොඩ ගන්න කිසියම් වූ උපායමාර්ගික පියවරකට ආණ්ඩුව අවතීර්ණ වෙලා කියලා. ජනාධිපතිතුමා දිස්ත්‍රික් මට්ටමින් එක එක රැස්වීම් තියාගෙන යනව ගිහින් නිලධාරීන්ට කතා කරනවා, නිලධාරීන්ට තර්ජනය කරනවා අපි දකිනවා මම අහන්නේ ඒ සියල්ල සිදු වෙන අතරතුර වැදගත්ම දේ මේ රට මුහුණ දෙන සැබෑ අභියෝගය තේරුම් අරගෙන එය ජය ගැනීම සඳහා ආණ්ඩුව ප්‍රතිපත්තිමය ප්‍රවේශයකට ගේන එක. එහෙම දෙයක් පේන්නෙ නැහැ වැටුණු ආර්ථිකය යළි ගොඩ ගන්න මොකක්ද තියෙන ආර්ථික වැඩපිළිවෙළ නිෂ්පාදනය වැඩි කරන්න තියෙන වැඩපිළිවෙළ මොකක්ද එවැනි දෙයක් අයවැය හරහා වත් දකින්න තිබුණේ නැහැ සාම්ප්‍රදායික කතාවක් තමයි අයවැය තුළ තිබුණේ ඒ වගේම අපි මුහුණ දෙන විනිමය අර්බුදය විසඳා ගැනීම සඳහා ගත වූ මාස 6 තුළ ගත්තා වූ පියවර වල සාර්ථක භාවයක් දකින්න නැහැ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන හරහා තවමත් අවිනිශ්චිත මට්ටමක අපි ඉන්නේ ආණ්ඩුව විවිධ කතා කියනවා නමුත් අවිනිශ්චිත මට්ටමක ඉඳගෙන තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ක්‍රියාකාරීත්වය සිදුවෙන්නේ. මේවා වේගවත් කරන්න මොකක්ද ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග. ජාතික වැඩපිළිවෙළක් ජාතික සැලැස්මක් සාකච්ඡා කරන්නේ නැහැ .නමුත් පහුගිය කාලයක් තිස්සේ ආණ්ඩුව කළේ ප්‍රධාන වශයෙන් රටේ ජනතාවට විශාල බදු බරක් පටවන ගැසට් නිවේදන නීති රීති ගෙන ඒම පමණයි .ජනවාරි පළවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පුද්ගල , සමාගම් බදු වැඩි කිරීම් ගණනාවක් එකට එකතු කරලා ජනතාව මිරිකන තත්ත්වයට පත්වෙලා ඒ හැර වෙන විකල්පයක් නැහැ ආණ්ඩුව බදු අය කරනවා වගේම අනෙක් පැත්තෙන් ලයිට් බිල වැඩි කරනවා කියලා විශාල තර්ජනයක් කරමින් තිබෙනවා. එයට විරුද්ධව මේ වෙනකොටත් ජනතාව පෙළ ගැහෙනවා.

මොකද මීට මාස කිහිපයකට පෙර ලයිට් බිල වැඩිකරලා ඒක ගෙවාගන්න විදියකුත් ජනතාවට නැහැ. මම දැක්කා ජනතාව පහුගිය මාසය තුල විදුලි පාරිභෝජනය 27% කින් අඩු කරලා ඇයි ඒ දරාගන්න බැරි නිසා තව ටික කාලයක් යනකොට ගෙදර ලයිට් ඕෆ් කරලා ඉන්න මට්ටමක ඉන්නේ පාවිච්චි කරන්න බැහැ තෙල් පරිභෝජනය ඊයේ නිකුත් කරපු වාර්තාවක දැක්කා සියයට පනහකින් අඩු වෙලා. අපි කියන්නේ ඒ පරිභෝජනය අඩු වීම නාස්තිය හෝ වෙනත් නාස්තිකාර විදියට පාවිච්චි කිරීමක් කියන්න බැහැ. මිනිස්සු ඒ සියල්ල අඩු කරලා මොකද මේ ආර්ථිකය ජනතාවට දරාගන්න බැහැ. ඒ නිසා අද සිදුවෙලා තියෙන්නේ කඩේකට ගිහිල්ලා තමන්ගේ ජන ජීවිතය හදාගන්න ජීවත්වෙන්න බඩු භාණ්ඩ ටික ගන්නත් බැහැ. ඒ තරම් මිනිස්සු අමාරුවෙලා. රෝහලකට ගියාම බෙහෙත් නැති මට්ටමට පත් වෙලා. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කියනවා ඇස්ප්‍රීන් පෙති පවා අද රෝහලක නැහැ කියලා මොකක්ද රෝහල් වල තිබෙන්නේ තුණ්ඩු කෑල්ල ලියලා දෙනවා පාමසිය ගන්න කියලා ඒ තරම් අමාරු තත්ත්වයට පත්වෙලා පාමසියේ තියෙන බෙහෙත් ඔක්කොම ගන්නේ නැතුව කිහිපයක් ගන්න තත්වයට ජනතාව පත් වෙලා රට යන්නේ ඉතාමත් නරක තත්වයකට මම හිතනවා ජීවිතයේ අමාරුම අවුරුද්ද 2023 අවුරුද්ද වේවි කියලා. ඒකට හේතුව ආණ්ඩුව හෝ ජනාදිපතිවරයා මේ තත්ත්වයෙන් රට මුදවා ගැනීමට පියවරකට යන්නේ නැහැ.

ඒ වගේම තමයි ජනාධිපතිවරයා ගේ උපදේශකවරුන්ගේ ක්‍රියාකාරීත්වය ඉතාම නරකයි පහුගිය කාලයේ යහපාලන ආණ්ඩුවට ගෙදර යන්න වුණෙත් එවැනි නිලධාරීන් පත් කිරීම හරහා. මහබැංකු සිදුවීම ගත්තම අර්ජුන මහේන්ද්‍ර ලාගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම එදා තිබුණු යහපාලනය බිඳ වැටීමට බලපෑවා ඒ සිද්ධ වෙච්ච ආර්තික ප්‍රතිවිපාක වල ප්‍රතිඵලය සම්පූර්ණම මේ රටේ ජනතාවට ගෙවන්න සිද්ධ වුණා. කවුද මේකට වගකියන්න ඕන දැන් බලන්න උපදේශකවරු හැටියට පත් කරගන්නා කණ්ඩායම් රට නිවැරදිව ගෙනියන්න උත්සාහ කරනවා වෙනුවට අත්තනෝමතික හිරිකිත දූෂණය හොරකම සියල්ල කරනවා නම් කවුද වගකියන්න ඕන. ජනාධිපතිවරයා ප්‍රමුඛ රට පාලනය කරන කණ්ඩායම වගකියන්න ඕන. ඒ නිසා මේක ඉතාම නරක කඩාවැටීමක් බව පැහැදිලිව ප්‍රකාශ කරනවා

අද ආණ්ඩුව මේ අවුරුද්ද තුළ රට වෙනුවෙන් ඉටු කරපු සේවාව සෑහීමට පත්වෙන්නේ නැහැ රටේ කවුරුවත් .හේතුව ජනතාවගේ යහපත සඳහා සිදුවන පියවර සාර්ථක වුණා නම් යම් ආකාරයක නැගිටීමකට යන්න තිබුණා අවාසනාවකට එය සිදු වෙලා නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා අඩුම ගානේ 2022 අර්බුදකාරී තත්ත්වයක තිබුණා එය අවසන් කරලා 2023 අලුත් විදියකින් ආරම්භ කරන්න අවශ්‍යයි. එය සාර්ථක කරගන්න නම් මේ ජනාධිපතිවරයාට වත් ආණ්ඩුවට වත් පුලුවන් කමක් නැහැ මොකද කඩාගෙන වැටිච්ච තත්ත්වයකට රට පත් කරපු කණ්ඩායමක් එක්ක රටක් ගොඩනගන්න අමාරුයි ඒක තමයි ඇත්ත ඒ නිසා අලූත් රටක් ගොඩනගන්න අලුත් බලාපොරොත්තුවක් ඇති කරන්න පුළුවන් 2023 මේ රටේ ජනතාවගේ හෘද සාක්ෂියට අනුව ආණ්ඩුවක් ඇති වෙනවා නම් පමණයි. අපි කියන්නේ ලබන අවුරුද්දෙ අප්‍රේල් මාසයෙන් පස්සේ ජනාධිපතිවරයට අවකාශය ලැබෙනවා අවශ්‍ය නම් ජනවරමට යන්න. ඒ නීති අපි හදලා දුන්නා. ඒ නිසා පාර්ලිමේන්තු මැතිවරණයකට යාමට ඉඩකඩ ජනාධිපතිවරයාට විවෘත කරලා තියෙන්නේ. අපි ඉල්ලා සිටින්න කැමතියි මේ ආණ්ඩුව පිළිබඳව තියෙන විශ්වාසය බිඳ වැටීම නිසා පළාත් පාලන මැතිවරණය වහා පවත්වන්න ඒ වගේම මහ මැතිවරණයකට යනවා නම් ඒ සඳහා අපි ලෑස්ති අලුත් ජනමතය කින් අලුත් ආණ්ඩුවක් අලුත් රටක් ගොඩනගන්න.

Admin
Tags: තිස්ස අත්තනායකවිපක්ෂ නායකසමගි ජන බලවේගය
Previous Post

ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තිය අවසන් කෙටුම්පතත් සකස් කර අවසන්

Next Post

ඕමාන මිනිස් වෙළෙඳාම සම්බන්ධ ඉදිරි පියවර CID ට

Admin

Admin

Related Posts

BASIL RAJAPAKSA
දේශීය

බැසිල් ජනාධිපතිවරණ සටනට ?

by Admin
April 2, 2023
කාසියේ වාසිය ශ්‍රී ලංකා පිලට
ක්‍රීඩා

කාසියේ වාසිය නවසීලන්තයට

by Admin
April 2, 2023
දරුවන් පළිහක් ලෙස යොදා ගනිමින් පෙළපාළිවලට ගෙනයාම බරපතල වරදක්
දේශීය

මගේ කාලය තුළ කාටවත් නීතිය කඩන්න දෙන්නෙ නෑ

by Admin
April 1, 2023
MAHINDA RAJAPAKSA
දේශීය

තෙල් වෘත්තීය සමිති නායකයින් මහින්ද හමුවට

by Admin
April 1, 2023
අවහන්හලේ පඩිපෙළෙන් ඇදවැටී ප්‍රධාන සූපවේදියා මරුට
දේශීය

බිග්මැච් උණුසුම මැද රථයක් පෙරළී සිසුන් දෙදෙනෙක් මරුට

by Admin
April 1, 2023
Next Post
හදිසියේ ඇද වැටෙන පුද්ගලයින්ට අවශ්‍ය හදිසි ප්‍රතිකාර ගැන දරුවන්ව දැනුවත් කර තබන්න

ඕමාන මිනිස් වෙළෙඳාම සම්බන්ධ ඉදිරි පියවර CID ට

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In