පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සදහා අවශ්‍ය මුදල් ලබා දීමට හැකි තත්ත්වයක් මහා භාණ්ඩාගාරයට නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ඒ බව කියා සිටියා.
ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා අවශ්‍ය මුදල් නොලැබීම හේතුවෙන් එම කටයුතු නතර කිරීමට රජයේ මුද්‍රණාලය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් එහිදී ප්‍රශ්න කළා.
